අපගේ දැක්ම
රාජ්‍ය සේවාලාභී සත්කාරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතරින් ප්‍රමුඛයා වීමඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ඵලදායී සම්පත් කළමනාකරණයක් තුළින් කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් බිහිකර ගම්පහ දිස්ත්‍රික්කය තිරසාර සංවර්ධනයක් කරා මෙහෙයවීම.ගම්පහ දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික් පනතේ 3 වන ඡේදය යටතේ 1978 සැප්තැම්බර් මස 07 වන දින ගැසට් නිවේදනය මඟින් නව දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මෙය කොළඹ දිස්ත්‍රික්කය නැවත බෙදීමෙන් වෙන්කරන ලද පාලන ප්‍රදේශයකි. ගම්පහ බැණ්ඩියමුල්ල ප්‍රදේශයේ අග්‍රා ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලස්ථානය කොටගත් උතුරින් මා ඔයෙන්ද (කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක) නැගෙනහිරින් මීටර 100-200 උසකින්ද විහිදී යන වැටි හා නිම්නවලින් ද (කෑගල්ල දිස්ත්‍රික්කය) දකුණින් කැලණි ගඟ මායිම් වන කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, බටහිර ඉන්දියන් සාගරයෙන්ද, මායිම් වූ කිලෝ මීටර 45 දිගින් හා පළලින් යුත් හතරැස් බිමි කඩක් වශයෙන් පිහිටා ඇත.
නැගෙනහිර සියනෑ කෝරළය, බටහිර සියනෑ කෝරළය, අළුත්කූරු කෝරළය, දකුණු අළුත්කූරු කෝරළය හා හාපිටිගම් කෝරළය යන කෝරළ පහෙන් ගම්පහ දිස්ත්‍රික්කය සමන්විත වේ. ගම්පහ යන ස්ථානීය නාමය මැදගම, ඉහළගම, පහළගම, හෙනරත්ගොඩ සහ අලුත්ගම එකතු කිරීමෙන් භාවිතයට පත් වූ බව ප්‍රකට වී ඇත. සංස්කෘතික, දේශපාලන හා අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි ගම්පහ දිස්ත්‍රික්කයට අද්විතීය ස්ථානයක් හිමි වෙයි. දිවයිනේ අග නගරය හා ජාත්‍යන්තර වරායට මුවදොර පිහිටි ගම්පහ දිස්ත්‍රික්කය නිෂ්පාදන කර්මාන්ත කේන්ද්‍ර කරගත් නිදහස් වෙළඳ කලාප, සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ද ජාත්‍යන්තර ගුවන් තොටුපළ, දුම්රිය හා මහාමාර්ග මෙන්ම විදුලි බලය හා දුරකථන වැනි යටිතල පහසුකම් අතින් ද විශේෂ වැදගත්කමක් උසුලයි.
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 1,386.7 (හෙක්ටයාර 139,140) භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර කොළඹ දිස්ත්‍රික්කය මෙන් දෙගුණයක විශාලත්වයක් දරයි. බස්නාහිර පළාතේ මුළු බිම් ප්‍රමාණයෙන් 38% හා ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% ආවරණය වේ. උතුරු අක්ෂාංශ 6°54”5 සහ 7°20 අතර හා නැගෙනහිර දේශාංශ 79°48.75 සහ 80°13 අතර පිහිටා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය 21.6°C අවම උෂ්ණත්වයකින් ද 37°C උපරිම උෂ්ණත්වයකින් ද මිලි මීටර් 1,750 පමණ වූ සාමාන්‍ය වර්ෂාපතනයකින්ද (හෙනරත්ගොඩ 2,477 මිලි මීටර්) යුතු උෂ්ණ තෙත් කලාපීය දේශගුණයක් විදහාපාන භූමි ප්‍රදේශයකි. වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් සුළඟ සහිත කාල පරිච්ඡේදයේ හා නිරිත දිග මෝසම් සුළං කාලයේදීය. ජනවාරි සිට අප්‍රියෙල් මාස අතර කාලය දිස්ත්‍රික්කය පුරා වියළි දේශගුණයක් පවතී.
ගම්පහ දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන උෂ්ණ තෙත් දේශගුණික තත්වයන් මත තෙත් කලාපීය වෘක්ෂලතා ලක්ෂණ ඇති වන ප්‍රදේශ හා වගුරු බිම් ආශ්‍රිත කඩොලාන වනාන්තර දැකිය හැකිය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සීමා මායිම්
- උතුර - මා ඹය (කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කය)
- දකුණ - කැළණි ගඟ (කොළඔ දිස්ත්‍රික්කය)
- බටහිර - මුහුදු තීරය
- නැගෙනහිර- මීටර 100-200 උසකින්ද විහිදී යන වැටි හා නිම්න (කෑගල්ල දිස්ත්‍රිකකය)
දේශගුණය
ගම්පහ දිස්ත්‍රික්කය 21.6°C අවම උෂ්ණත්වයකින් ද 37°C උපරිම උෂ්ණත්වයකින් ද මිලි මීටර් 1,750 පමණ වූ සාමාන්‍ය වර්ෂාපතනයකින්ද (හෙනරත්ගොඩ 2,477 මිලි මීටර්) යුතු උෂ්ණ තෙත් කලාපීය දේශගුණයක් විදහාපාන භූමි ප්‍රදේශයකි. වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් සුළඟ සහිත කාල පරිච්ඡේදයේ හා නිරිත දිග මෝසම් සුළං කාලයේදීය. ජනවාරි සිට අප්‍රියෙල් මාස අතර කාලය දිස්ත්‍රික්කය පුරා වියළි දේශගුණයක් පවතී.
වැඩි විස්තර සඳහා
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය
|
අනු අංකය |
නම | සිට | දක්වා |
| 1 | සිසිල් අමරසිංහ මහතා | 17.09.1978 | 07.01.1980 |
| 2 | සිමිසන් විජේරත්න මහතා | 01.11.1980 | 07.01.1982 |
| 3 | බ්‍රිෙග්ඩියර් ජස්ටස් රුද්‍රිගු මහතා (වී.එස්.වී) | 06.02.1982 | 21.10.1986 |
| 4 | එම්.එස් ද සිල්වා මහතා | 29.10.1986 | 04.09.1990 |
| 5 | එස්.එච්.එම්.චන්ද්‍රෙස්න මහතා | 04.09.1990 | 06.10.1995 |
| 6 | ටී.හපන්ගම මහතා | 06.10.1995 | 28.02.2001 |
| 7 | වී.කේ.රූපරත්න මහතා | 15.08.2001 | 29.10.2008 |
| 8 | පී.ඒ.අබේසේකර මහතා | 03.12.2008 | 11.05.2010 |
| 9 | ජේ.ජේ.රත්නසිරි මහතා | 21.05.2010 | 29.03.2015 |
| 10 | සුනිල් ජයලත් මහතා | 30.03.2015 | 22.11.2021 |
| 11 | ප්‍රදීප් රත්නායක මහතා | 10.01.2022 | 24.05.2022 |
| 12 | ඩබ්.එස් සත්‍යානන්ද මහතා | 05.07.2022 | 20.11.2022 |
| 13 | සමන් දර්ශන පාඬිකෝරාල මහතා | 21.12.2022 | 31.12.2023 |
| 14 | ලලින්ද ගමගේ මහතා | 02.02.2024 |







