ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන "Green team - Gampaha" කණ්ඩායම 2026 වසරට වැඩ ආරම්භ කරමින්, පාරසරික සමතුලිත බව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රය තුළ සකස් කොට ඇති නාගරික වන උද්‍යානවල (Urban Forest) රෝපණය කරන ලද පැළ අවට පිරිසිදු කිරීම, නැවත සකස් කිරීම, ඉඩ ඇති තැන්වල නැවත පැළ සිටුවීම හා පුවක් පැළ රෝපණය කිරීමේ කටයුතු ජනවාරී 09 වනදා දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
පරිසරයට වටිනාකමක් දායාද කරමින් නැදුන් ,මී, හොර, කුඹුක්, කළුවර, කොස් ආදී වටිනා පැළ රාශියක් රෝපණය කිරීම තුළින් කාර්මීකරණයත්, තාක්ෂණික හා ගොඩනැගිලිවලින් යුතු පරිසරයක හැකි පමණ වනගහනයෙන් යුතු ස්ථානයන් නිර්මාණය කිරීම තුළින් මානසික සුවය සහිත, වායු දූෂණය අවම කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණකි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි 2024 මාර්තු මස සිට ආරම්භ කර ක්‍රියාත්මක වන "Green team වැඩසටහනේ "Green team - Gampaha" කණ්ඩායමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ ස්වේච්ඡාවෙන් හා කාර්යශූරව කටයුතු කරන නිලධාරීන් 40 දෙනෙකු සම්බන්ධ ව සිටිති.
මේ අවස්ථාව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, ගම්පහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර, ගම්පහ කෘෂිකර්ම අධ්යක්ෂ සන්ධ්‍යා කුමාරි, පරිපාලන නිලධාරීනී ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්. රුද්‍රිගු, යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “Green Team” කණ්ඩායම එක්ව සිටියහ.







