• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
  • බාගත කිරීම්
    • පුපුරණ ද්‍රව්‍ය ආකෘති
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
    • අතිකාලආකෘතිය (OT)
  • පරිපාලන ව්‍යුහය
    • කොට්ඨාශ
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • අභ්‍යන්තර කටයුතු ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • RTI
  • වැදගත් ආයතන
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • RTI
  • වැදගත් ආයතන

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
  • බාගත කිරීම්
    • පුපුරණ ද්‍රව්‍ය ආකෘති
    • සැපයුම්කරුවන් ලියාපදිංචිය
    • අතිකාලආකෘතිය (OT)
  • පරිපාලන ව්‍යුහය
    • කොට්ඨාශ
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • අභ්‍යන්තර කටයුතු ඒකකය
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පරිපාලන ව්‍යුහය
  • කොට්ඨාශ

පුවත් සහ සිදුවීම්

18
නොවැ2025

2026 වසර සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

05
ජන2026

2026 නව වසරේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ...

16
ජන2026

"Green team - Gampaha" 2026 ට වැඩ අල්ලයි

06
පෙබ2026

ගම්පහ දිස්ත්‍රික් නිදහස් උත්සවය උත්කර්ෂවත්ව සමරයි

31
මාර්2026

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා&qu...

20
මැයි2026

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේ ඉදි කරන...

30
ජූනි2026

ප්‍රතිසංස්කරණය කරන ලද පෞරාණික “අග්‍රා” වලව්වේ ගම්ප...

29
ජූලි2026

පිරිසිදු රාජ්‍ය සේවයක් සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම...

කොට්ඨාශ

ගිණුම් අංශය

ගිණුම් අංශය

Internal Auditor MOEnv

එල්.ඒ.බී.එල් ගුණසේන මිය.
ප්‍රධාන ගණකාධිකාරී


g dumy

ඒ.එස්.ඩී.එම්.එස්.සංජීවනි මිය
ගණකාධිකාරී

අපගේ දැක්ම

"රාජ්‍ය සේවාලාභී සත්කාරයේ ප්‍රමුඛයා වීම"

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ඵලදායී සම්පත් කළමනාකරණයක් තුළින් කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් බිහිකර ගම්පහ දිස්ත්‍රික්කය තිරසාර සංවර්ධනයක් කරා මෙහෙයවීම.

පරිපාලන සහ ආයතන අංශය

පරිපාලන සහ ආයතන අංශය

kithsiri

ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා
අතිරේක දිස්ත්‍රික් ලේකම් I


b dumy පී.ඒ.ඒ.එස්.වීරසේකර මහතා
අතිරේක දිස්ත්‍රික් ලේකම් II

M.M.Nilanthi Kumari

එම්.එම්. නිලන්ති කුමාරි මහත්මිය
සහකාර දිස්ත්‍රික් ලේකම්


wasana rodrigu

ඩබ්.එස්.ඩබ් රුද්‍රිගු මහත්මිය
පරිපාලන නිලධාරී

 දිස්ත්‍රික් ලේකම්ගේ පාලනයට ගැනෙන සියලුම නිලධාරීන්ගේ ආයතන හා පරිපාලන කටයුතු ඉටු කිරීම ආයතන අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.

  • නව පත්කිරීම්
  • සේවා කාලය දීර්ඝ කිරීම්
  • විශ්‍රාම ගැන්වීම්
  • කොස්ගස් බලපත්‍ර නිකුත්කිරීම
  • පුහුණු කටයුතු‍
  • නිවාඩු දුම්රියබලපත්‍ර කටයුතු
  • නිලධාරීන්ගේ ණය කටයුතු
    • දේපල ණය
    • වාහන ණය‍
    • ආපදා ණය
    • පාපැදි ණය

ඉහත ආයතනික පරිපාලන සේවාවන්ට අමතරව පහත සදහන් කාර්යයන් ද ඉටු කරනු ලබයි.

ප්‍රාදේශීය මහලේකම් කාර්යාලවල පරිපාලන කටයුතු හා අධීක්ෂණ කටයුතු

  • බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු, බෙල්ලන්විල හා කෝට්ටේ පෙරහැර ඇතුළු වෙසක් උත්සව සංවිධාන කටයුතු
  • සමාජසේවා කටයුතු
  • ආපදා කළමනාකරණ කටයුතු (ගංවතුර, සුනාමි ව්‍යසන ආදී)
  • දැව බලපත්‍ර සම්බන්ධ කටයුතු
  • පරිසර සංවර්ධන කටයුතු
  • නිවාස කටයුතු
  • කෘෂිකර්ම කටයුතු
  • මැතිවරණ කටයුතු
  • දිස්ත්‍රික් පුහුණු කටයුතු
  • රාජ්‍ය උත්සව සඳහා දායකත්වය ලබාදීම
  • ග්‍රාම නිලධාරී පොදු කටයුතු හා විනය කටයුතු
  • අභ්‍යාසලාභී උපාධිධාරී සම්මුඛ පරීක්ෂණ, පත්වීම් හා ස්ථානමාරු කටයුතු
සැලසුම් අංශය

සැලසුම් අංශය

samantha senanayake

සමන්තා සේනානායක මිය
අධ්‍යක්ෂ (සැලසුම්)

අරමුණු

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 හි ග්‍රාම නිලධාරී වසම් 557 හි ගෘහ ආර්ථීක ඒකක චිරස්ථායි ලෙස සවිබල ගැන්වීම
  • දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාමුදුන්පමුණුවා ගැනීම සහ සංවර්ධන විෂමතා අවම වන ආකාරයට ගම නැගුම, දිස්ත්‍රික් අයවැය සහ අනෙකුත් රජයේ මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස ආයෝජනය කිරීම
  • සංවර්ධන වැඩ සටහන්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය 100% ක් වන ප්‍රශස්ථ මට්ටමෙහි පවත්වාගෙන යාම
  • දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික ගැටළු කඩිනමින් විසඳීම සඳහා ගරු දේශපාලන නායකත්වය,රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය යන පාර්ශව සමඟ විධිමත් හා කාර්යක්ෂම සම්බන්ධීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම
  • දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන කටයුතු මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය
  • දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා පහසුකාරක ක්‍රියාවලියක් පවත්වාගෙන යාම

කාර්යභාරය

  • දිස්ත්‍රික්කය තුල සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම.
  • දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගතිය විමර්ශනය කිරීම.
  • ගමනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • දිවිනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • දිස්ත්‍රික් අයවැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ වැඩ සටහනට අදාල දිස්ත්‍රික් කාර්යභාරය.
  • දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම හා පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගති පාලනය.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සම්පත් පැතිකඩ සකස් කිරීමට මඟ පෙන්වීම.
  • දිස්ත්‍රික් තොරතුරු හා දත්ත පද්ධතිය, සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා සංවර්ධන කමිටුවට අදාල සියලු කටයුතු මෙහෙයවීම හා පවත්වාගෙන යාම.
  • සංවර්ධන කාර්යභාරයට අදාලව අවශ්‍ය තොරතුරු හා මඟ පෙන්වීම් ලබාදීමේ පහසුකාරක වශයෙන් ක්‍රියා කිරීම.


ඉංජිනේරු අංශය

ඉංජිනේරු අංශය

jayasuriya

ජේ.ඒ.ඩි.ඩබ්.ටී ජයසුරිය මහත්මිය
දිස්ත්‍රික් ඉංජිනේරු


කාර්යභාරය

දිස්ත්‍රික් ඉන්ජිනේරු 01
සංවර්ධන නිලධාරී 02
තාක්ෂණ නිලධාරී 01
සැලසුම් ශිල්පි 01
විදුලි කාර්මික ශිල්පි 00
තාක්ෂණික සහකාර 01
කළමනාකරණ සහකාර 01
K.K.S 01

කාර්යභාරය

  1. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේ ඇති ගොඩනැගිලි සහ යටිතල ව්‍යුහයන්ගේ නඩත්තු කටයුතු.
  2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඊට අනුබද්ධිත නිල නිවාස ඉදි කිරීම සිදු කිරීම.
  3. වෙනත් රේඛීය අමාත්‍යාංශ යටතේ පවතින මහජන සම්බන්ධතා පවත්වන ආයතනවල නඩත්තු කටයුතු සිදු කිරීම හා නව ඉදි කිරීම්.
  4. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනුබද්ධ ආයතන සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.
  5. දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටුව පවත්වා මිල ලේඛනය සැකසීම.
  6. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත ආයතන සඳහා අවශ්‍ය ඉංජිනේරුමය උපදෙස් ලබා දීම

ගම්පහ දිස්ත්‍රික් මිල නියම කිරීම කමිටු වාර්තාව - 2019 පළමු භාගය

අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය

Gampaha CIA

 ජී.වී.ඒ.සංජීවනී මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

  1.  ප්‍රධාන අරමුණ

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  හා ඊට අනුබද්ධිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා සහ එහි කාර්ය සාධනය ඉහල නංවා ගැනීම සඳහා කළමණාකරණය විසින් හදුන්වාදී ඇති මූල්‍යම හා පරිපාලනමය විධි කොතෙක්දුරට සාර්ථකද , ඒවා අපේක්ෂිත අයුරින් ක්‍රියාත්මකද හා පවත්නා පාලන ක්‍රමයෙහි දුර්වලතාවය හදුනාගෙන කළමණාකරණයට වාර්තා කිරීමත් පහත අරමුණු ඉටුකර ගැනීමත්ය.

  • නීතිරීති , රෙගුලාසි , ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට අනුගතවීම තහවුරු කිරීම
  • වැරදි වංචා සහ දූෂණ අනාවරණය හා වළක්වා ගැනීමට කටයුතු කිරීම
  • අභ්‍යන්තර පාලනක්‍රම  ඇඟයීම හා වැඩිදියුණු කිරීම.
  • වත්කම් අත්පත් කර ගැනීම , නිසි වාර්තා ගත කිරීම , භෙෘතික පැවැත්ම සහ ප්‍රතිපත්ති වලට අනුකූලවීම තහවුරු කිරීම මඟින් වත්කම් ආරක්ෂා කිරීම
  • මූල්‍ය කළමණාකරණය / මූල්‍ය විනය නිසි පරිදි පවත්වා ගැනීම.
  • පරිපූර්ණ ගිණුම්කරණ පද්ධතියක් සහතික කිරීම.
  • ආයතනයේ  මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳව  ස්වාධින, අපක්ෂපාතී ,විෂයාණුබද්ධ සහතික කිරීම.

උප අරමුණු

  1. වැරදි හා වංචා වැලැක්වීම සදහා ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රම සැලැසුම්ගත ලෙස ක්‍රියාත්මකවන අයුරු සොයා බැලීම.
  2. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අණ පනත් හා විවිධ චක්‍රලේඛ මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්නේදැයි යන්න සොයා බැලීම.
  3. මෙහෙයුම් කටයුතු වලදී මුදල් දේපල හා වෙනත් වත්කම් විධිමත්ව පරිහරණය කිරීම මෙන්ම තොරතුරු වල විශ්වාසනීය බව හා අඛණ්ඩතාව තහවුරු කිරීම.
  4. ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වාසනීයත්වය හා භාවිතා වන ගිණුම් පිලිවෙත් වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශනයන් පිලියෙල කරන්නේද යන්න සොයා බැලීම.
  5. කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය ඇගයීම.
  6. අවශ්‍ය අවස්ථාවල විශේෂ විගණනයන් පැවැත්වීම.
  7. කාර්තුමය වශයෙන් පවත්වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී කාර්‍යසාධනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  8. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාලව රාජ්‍ය ගිණුම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමුවන කරුණු සම්බන්ධයෙන් පසු විපරම් කිරීම.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

ajith nishantha

ඒ.එම්.අජිත් නිශාන්ත මහතා
ආපදා කලමනාකරණ නිලධාරී

කාර්යභාරය

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ආවරණ වන පරිදි හදිසි ආපදා අවස්ථා වලදී ක්‍රීයාත්මක වීම සඳහා පැය 24 ක්‍රීයාත්මක හදිසි මෙහෙයුම් ඒකකයක් ඇත.එමෙන්ම දිස්ත්‍රික්කයේ ඕනෑම ආපදා අවස්ථාවකදී ආයතන සම්බන්ධීකරණ කරමින් එම ආපදා අවම කර ගැනීමට කටයුතු කරන අතර ආපදා වලින් පසු සහන කටයුතු සිදු කරයි.

ආපදා අවම කිරීම

  • එමෙන්ම ආපදා අවම කිරීම සඳහා  ව්‍යාපෘති සිදු කිරීම-ගං වතුර අවම කිරීම් සඳහා ඇළ මාර්ග ශුද්ධ කිරීම
  • නාය යෑම් අවම කිරීම සඳහා

ආපදා වැළැක්වීම

ආපදා වැළැක්වීමේන් ජනතාව බේරා ගැනීමේ සුවිශේෂිය කාර්ය භාරයක් ගම්පහ දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකක විසින් සිදු කරනු ලබයි.

ආපදා පෙර සුදානම්

ආපදා පෙර සූදානම් කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ආපදා පෙරසූදානම්  සැලසුම් සැකසීම ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ආපදා පෙර සූදානම් සැලසුම් සැකසීමේ කටයුතු සිදු කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ආපදා වලට ගොදුරු වන ග්‍රාම නිලධාරි වසම් වල ග්‍රාමීය කමිටු පිහිටුවීම හා පිහිට වු ග්‍රාමීය කමිටු යාවත්කාලීන කර එම කමිටු සඳහා ආපදා  භාණ්ඩ කට්ටල පිරි නැමීම සිදු කර ඇත.

එමෙන්ම වෙරළබඩකලාපයේ සුනාමි අවදානම් කලාප වල ජනතාවට නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් හා පෙරහුරු වැඩසටහන් පැවැත්වීම සිදු කරන අතර සුනාමි කලාපයේ ජනතාවගේ ආරක්ෂා සඳහා ආරක්ෂිත ගමන් මාර්ග සලකුණු කර නව ආරක්ෂිත ස්ථාන හඳුනා ඒවා සිතියම් ගත කිරීම,එමෙන්ම ජනතාව සුනාමියෙන් ආරක්ෂා කිරීම සඳහා සයිරන් නලා ස්ථාපිත කිරීම,සුනාමි කුළුණු ඇති කිරීම සිදු කර ඇත්තේ ආපදා පූර්ව දැනුම් දීමේ ක්‍රමවේද යටතේ වීම සුවිශේෂි වේ.

දිස්ත්‍රික් ආපදා සිදුවිය හැකි හේතු සහ අවස්ථා හඳුනා ගනිමින් එම හේතු සහ අවස්ථා ඉවත් කරමින් යම් හෙයකින් සිදුවිය හැකි ආපදා අවස්ථාවකදී ක්ෂණිකව මහජනතාව වෙත සහන සැලසීම සඳහා ක්‍රියාත්මක වීම මෙම ඒකකය මගින් සිදු කරනු ලබයි.

කෘෂිකර්ම අංශය

කෘෂිකර්ම අංශය

agri2

එස්.ඩී.කේ.ප්‍රියදර්ශනී මිය
අධ්‍යක්ෂ (කෘෂිකර්ම)

   
b dumy

නවරත්න බණ්ඩාර මහතා
සහකාර අධ්‍යක්ෂ පොහොර

   
b dumy

 

එම් මධුර මහතා
සහකාර අධ්‍යක්ෂ පොහොර

   
b dumy

 

රොහාන් ඉන්දුක මහතා
සහකාර අධ්‍යක්ෂ පොහොර

දැක්ම

ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම ,ඵලදායි, හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්

මෙහෙවර

ස්භාවික සම්පත් තිරසාර කළමණාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව,ගෝලීය තරගකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්ෂාත් කරගැනීම සදහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමග ඒකාබද්ධව කටයුතු කිරීම

අරමුණ

  • ආහාර හා ආශ්‍රිත කෘෂිබෝග විෂයෙහි ප්‍රතිපත්ති සම්පාදනය සදහා සහය සැපයීම.
  • ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම
  • කෘෂි නිෂ්පාදන සදහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම
  • ව්‍යාපෘති නිසි කළට ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම සහ ඇගයීම
  • තෝරා ගත් බෝග වල නිෂ්පාදනය ඉහළ නැංවීම
  • කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම
  • සේවාලාභින්ට මිත්‍රශීලි හා ප්‍රතිඵල අරමුණු කරගත් පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

ක්‍රියාත්මක වැඩසටහන්-2018

තිරසර පාසල් වැඩසටහන යටතේ වන පාසල් තුරු උයන් ව්‍යාපෘතිය

ජනාධිපති කාර්යාලය පරිසර සංරක්ෂන වැඩසටහන යටතේ පාසල් ළමුන් අතරඌන භාවිත පළතුරු පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුනින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 196 තුළ ක්‍රියාත්මක වූ අතර මෙම වැඩසටහන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,කලාප සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වල සෘජු මැදිහත්වීමෙන් සිදුවිය. මෙම වැඩසටහන යටතේ පළතුරු පැළ සහ කොම්පෝස්ට් පොහොර බෙදා දුන් අතර පාසල් භුමි තුළ පැළ සංස්ථාපනය කර රුක බලා ගැනීමේ වගකීම පාසල් ළමුන් සහ තිරසර පාසල් තේමා බාර ගුරුමහතා වෙත පවරනු ලැබිණි. නිරන්තර අධීක්ෂණය සහ උපදෙස් ලබා දීම සදහා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නිළධාරින් විසින් සිදු කරන අතර ත්‍රෛයිමාසික ප්‍රගති වාර්තා ජනාධිපති කාර්යාලය වෙත යැවීමද සිදු කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශ විශේෂ ව්‍යාපෘති

  1. ජේෂ්ඨ පුරවැසියන් ආහාර නිෂ්පාදනයන් සදහා දායක කර ගැනීම තුළින් ආහාර නිෂ්පාදනය වැඩි කිරීම

ජීවිතයේ සැදෑ සමය ගත කරනු ලබන වැඩිහිටියන්ගේ විශ්‍රාමික කාලය ඵලදායි ලෙස යොදවා ගැනීම තුළින් ඔවුන්ගේ කායික සහ මානසික සුවය වර්ධනය කර ගැනීමත් තමන් සතු දැනුම සහ කුසලතාවය ප්‍රයෝජනයට ගනිමින් රටට ඵලදායි සේවාවක් සිදු කිරිමටත් ආහාර නිෂ්පාදනයන් ඉහළ නැංවීම තුළින් ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමටත් වැඩිහිටියන් හට ආර්ථික වාසි ලබා ගැනීමත් මෙමගින් බලාපොරොත්තු වේ. මෙහිදි තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හරහා තෝරා ගත් ජේෂ්ඨ පුරවැසියන් ගෙවතු වගාව , ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව,සමූහ ගොවිපල ඇති කිරීම  සදහා යොමු කරනු ලබන අතර  ඔවුන් හට අවශ්‍ය බීජ සහ රෝපණ ද්‍රව්‍ය,කෘෂි උපකරණ,තාක්ෂණික දැනුම ලබා දීම සිදු කරයි.

2.නාගරික සහ අර්ධ නාගරික ගෙවතු සංවර්ධන ව්‍යාපෘතිය

 සිමිත ඉඩකඩ සතු නාගරික සහ අර්ධ නාගරික නිවාස වල ඇති සිරස් අවකාශ යොදා ගනිමින් ගෙවතු නිර්මාණය කිරීම සදහා ප්‍රතිලාභින් යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණවේ.මෙහිදී සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින ගම්පහ දිස්ත්‍රික්යේ සීමිත ඉඩකඩක ජීවත් වන පවුල් සංස්ථා වල නිවැසියන් වස විසෙන් තොර ආහාර පරිබෝජන රටාවකට යොමු කිරීමත් පවුල් ඒකක වල සමාජීය ආර්ථික දියුණූව සැලසීමත් භූමි අලංකරණය තුළින් ගෙවතු පරිසරය අලංකරණය කර ගැනීමත් අවසානයේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම තුළින් සමස්ත රටෙහි ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් අපේක්ෂා කරයි. මෙහිදී  තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල තෝරා ගත් නාගරික ප්‍රතිලාභින් හට අවශ්‍ය බීජ සහ රෝපණ ද්‍රව්‍ය,කෘෂි උපකරණ සහ තාක්ෂණික දැනුම ලබා දීම සිදු කරයි.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන

පළතුරු නිෂ්පාදන පොකුරු ව්‍යවසායකත්ව ආදර්ශ  ව්‍යාපෘතිය

එක් ප්‍රදේශයකට සීමා වූ වාණිජ පළතුරු නිෂ්පාදනයන් කිරීම සහ ඊට අදාළ අලෙවි ක්‍රමවේදයක් සැකසීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයෙහි තෝරා ගත් ප්‍රතිලාභින් සදහා දූරියන් පැල 800 ලබා දීම සිදු කරයි. මෙමගින් ගම්පහ දිස්ත්‍රික්කයෙහි පළතුරු ඵලදාව ඉහළ නැංවීම,ගොවින් වෙත ආර්ථික වාසි ලබා දීම, සහ ගම්පහ දිස්ත්‍රික්කය පළතුරු වලින් ස්වයංපෝෂිත කිරීම අපේක්ෂා කරයි.

Development Programs - 2014
[PDF - 748 KB]
ක්‍රීඩා අංශය

ක්‍රීඩා අංශය

b dumy

චන්දන අමරසිංහ මහතා
දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී


  • ක්‍රීඩා ශක්ති වැඩසටහන
    [PDF - 415 KB]
පර්යේෂණ සහ සන්නිවේදන ඒකකය

පර්යේෂණ සහ සන්නිවේදන ඒකකය

M.M.Nilanthi Kumari

එම්.එම් නිලන්ති කුමාරි මිය
සහකාර දිස්ත්‍රික් ලේකම්

Session is under construction

මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මීට වසර 12කට ඉහතදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවන්නට යෙදුණි. ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙම ප්‍රවෘත්ති අංශ ස්ථාපිත කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නමින් ප්‍රවෘත්ති අංශයක් පිහිටුවිය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් රජය බලාපොරොත්තුවූයේ දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙනයාමය. රජය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මෙමඟින් බලාපොරොත්තු විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීම සිදු විය.ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා යොදා ගැනෙන විමධ්‍යගත පළාත්සභා හා වෙනත් ප්‍රතිපාදන යොදාගෙන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය එහි ගැටළු සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දත්ත හඳුනාගෙන ඒවා සියලුම මාධ්‍යවලට ලබාදීම,

මෙම අංශය මඟින් සිදුකරනු ලබන ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයුම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් යනාදියට සහභාගී වී එහි තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්  සම්බන්ධීකරණය කර අදාල තොරතුරු ලබා දීමට ද කටයුතු කරයි. එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 හිම පැවැත්වෙන රැස්වීම් වැඩමුළු හා උත්සව සම්බන්ධීකරණය කර එම තොරතුරු මාධ්‍යවලට ලබාදීම ද මෙහි තවත් කාර්යයකි.

මෙම කාලය තුළදී ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් දිසාපතිවරයාගේ අනුදැනුමට යටත්ව පහත සදහන් කාර්යයන් ඉටු කර ඇත.

  • සියලු කමිටු රැස්වීම් ආවරණය කිරීම හා තොරතුරු මාධ්‍ය වලට නිකුත් කිරීම
  • ගම්පහ දිස්ත්‍රික් ක්‍රමෝපායන් සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සියලුම වැඩමුළු ආවරණය කිරීම
  • ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සිදුකරනු ලබන තරඟාවලීන් සම්බන්ධව ආවරණ කටයුතු ලබාදීම හා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම
  • දෛනිකව මුද්‍රිත මාධ්‍ය වල පලවන වාර්තා ඒකරාශී කිරීම
  • ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විවිධ අංශ වල සංවර්ධන ක්‍රියාකාරකම් හා සම්බන්ධීකරණය වීම හා අදාළ වාර්තා මාධ්‍ය වලට නිකුත් කිරීම
මිණුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය

මිණුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය

b dumy

උපුල් බඹරැන්ද මහතා
කාර්යභාර නිලධාරී (මිනුම් ප්‍රමිති ඒකකය)

කාර්ය භාරය

  • වෙළදුන් සතුව ඇති වෙළදාමට භාවිතා කරන කිරුම් පඩි, මිමි, කිරුම් සහ මිණුමි උපකරණ වාර්ෂිකව සත්‍යෙක්ෂණ    කිරීම සහ සත්‍යෙක්ෂණ ළකුණින් පරීක්ෂකවරයෙකු මුද්‍රා තැබීම
    • ලේකම් කාර්යාලයකම (දිස්ත්‍රික්කය තුළ) වෙළදුන්ගේ කිරුම් සහ මිණුම් උපකරණ සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම සඳහා මුද්‍රා තැබීමේ මධ්‍යස්ථාන සංවිධානය කිරීම.
    • දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෑම ප්‍රාදේශීය
      ඉන්ධන පිරවුම්හල් වල ඇති ඉන්ධන නිකුත් කරන උපකරණ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම.
    • වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවල ඇති වායු විමෝචනය පරීක්ෂන කෙරෙන උපකරණවල ද්‍රව්‍ය සංයුතිය පරික්ෂා කිරීම සහ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කිරීම.
    • කර්මාන්තශාලා වල ඇති කිරුම් උපකරණ සහ මිණුම් උපකරණ ද එහි භාවිතා කරන ව්‍යවස්ථාපිත මිමි වාර්ෂිකව සත්‍යෙක්ෂණ කොට මුද්‍රා තැබීම.
  • 1995 අංක 35 දරණ මිණුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කරන වංචනික වෙළදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා වැටලීම් සිදුකිරීම. (37,42,38,46,51,(6) වගන්තීන්)
  • ඉහත සඳහන් කල නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කරනවෙළදුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
    • මුද්‍රා තබන ලද ඒකක ගණන -
    • මුළු ආදායම -
    • අවසන්වූ නඩු සංඛ්‍යාව -
    • දඩමුදල -

ජන හා සංඛ්‍යාලේඛන අංශය

ජන හා සංඛ්‍යාලේඛන අංශය

senior stat

ඩබ්.එච්.ඩී.සී.පී විජේසුරිය
ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ

දැක්ම

දේශීය සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා කාලීන තොරතුරු ලබාදීම තුලින් කලාපයේ පෙර ගමන්කරු වීම

මෙහෙවර

ගෝලීයකරණ පසුබිමක් තුල සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම සඳහා නව තාක්ෂණය. සේවක කැපවීමසහ උපායශීලී නායකත්වය තුලින් කාලීනවූත් නිවැරදිවූත් දත්ත ලබාදීම මගින් වඩාත් ඵලදායී ලෙස දේශයෙහි සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීම

කාර්යභාරය

  • සංගණන කටයුතු
  • සමීක්ෂණ කටයුතු
  • සාමාන්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු
  • දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සකස් කිරීම
  • විශේෂ දත්ත රැස් කිරීම් කටයුතු

සංගණන කටයුතු

  • ජන හා නිවාස සංගණනය
  • කෘෂිකාර්මික සංගණනය
  • කර්මාන්ත සංගණනය
  • වෙළද හා සේවා සංගණනය
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය පිළිබඳ සංගණනය

සමීක්ෂණ කටයුතු

  • වී අස්වනු සමීක්ෂණය
  • ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය
  • ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය
  • වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය
  • කාර්මික නිෂ්පාදන පිළිබඳ ත්‍රෛමාසිකසමීක්ෂණය‍
  • වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය
  • පොල් නිෂ්පාදන වියදම් සමීක්ෂණය

සාමාන්‍ය දත්ත රැස් කිරීම් කටයුතු (සතිපතා/මාසිකව/කන්න/කාර්තු/වාර්ෂික වශයෙන්)

  • වී සංඛ්‍යාලේඛන
  • ගොඩ ගොවිතැන් සංඛ්‍යාලේඛන
  • සත්ව සංඛ්‍යාලේඛන
  • මස් පිණිස මරණ ලද සතුන් පිළිබඳ සංඛ්‍යාලේඛන
  • ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
  • පළාත් පාලන ආයතන සංඛ්‍යාලේඛන
  • නාගරික සිල්ලර මිල රැස් කිරීම
  • නිෂ්පාදකයාගේ මිල රැස් කිරීම

වාර්ෂික සංඛ්‍යාලේඛන අත්පොත සකස්කිරීම

  • ප්‍රා.ලේ. කොට්ඨාශවලට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අදාල යාවත්කාලීන ප්‍රාදේශීය දත්ත ලබා ගෙන එමගින් මෙම අත්පොත සකස් කිරීම

විශේෂ දත්ත රැස් කිරීම් කටයුතු

  • දෙපාර්තමේන්තුව විසින් පවරන ලද වෙනත් විශේෂ සමීක්ෂණ කටයුතු සහ දත්ත රැස් කිරීමේ කටයුතු

උදා: ජාත්‍යන්තර මිල සංසන්දනාත්මක වැඩ සටහන,ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය, ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය

පුපුරණ ද්‍රව්‍ය අංශය

පුපුරණ ද්‍රව්‍ය අංශය

 Explosive

 ඩී.ඊ.දේවගම මහතා

සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක

මෙම ශාඛාවේ ක්‍රියාකාරකම් ප්‍රධාන ක්ෂේත්‍ර දෙක යටතේ සිදු කෙරේ,

  • පුපුරණ ද්‍රව්‍ය විෂයයට අදාළ ක්‍රියාකාරකම්
  • ගිනි අවි විෂයයට අදාළ ක්‍රියාකාරකම්


පුපුරණ ද්‍රව්‍ය අදාළ විෂය
මෙම විෂය යටතේ තාක්ෂණික පුපුරණ ද්‍රව්‍ය භාවිතයට අදාළ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර හෝ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම

වාණිජ මට්ටමේ පතල් කැණීම් කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය අවශ්‍යතා සඳහා පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කරන විට.
             2014 ලෝහ කුරියර් කර්මාන්තයේ කාර්ය සාධනය සහ මූල්‍ය වාර්තාව

වාණිජ නොවන මට්ටමේ පතල් කැණීම් අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සඳහා පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
            බාධක පුපුරවා ඉවත් කිරීම සඳහා ඉඩමක් සංවර්ධනය කිරීමේදී.

බාධක පුපුරවා හැරීම සඳහා අත්තිවාරමක් සෑදීමේදී හෝ ළිඳක් කැණීමේදී.

විවිධ කර්මාන්ත සඳහා (කැණීම් නොකරන කර්මාන්ත) පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමට බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
            ආයුර්වේද නිෂ්පාදන සඳහා
            මදුරු දඟර නිෂ්පාදනය සඳහා
            තීන්ත/තීන්ත නිෂ්පාදන සඳහා
            ගිනිකූරු නිෂ්පාදන පෙට්ටි සඳහා
            රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම
            ගිනිකෙළි නිෂ්පාදනය සඳහා.
            ගිනිකෙළි වාණිජමය සැපයුම සඳහා.
            අලි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා.
            පුපුරණ ද්‍රව්‍ය සැපයීම සඳහා.
            පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා.
            පුපුරණ ද්‍රව්‍ය ආනයන බලපත්‍ර ආනයනය සඳහා
            පුපුරණ ද්‍රව්‍ය අපනයන බලපත්‍ර අපනයනය සඳහා.

ගිනි අවි විෂයයේ ක්‍රියාකාරකම්
           වගා ආරක්ෂාව සඳහා තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම.
           සත්ව පාලනය සඳහා තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම.
           මෙම බලපත්‍ර සඳහා කාට්රිජ් නිකුත් කිරීම.
           කලා ආරක්ෂණය, සත්ව පාලනය සහ ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර නිර්දේශ කිරීම.

පුපුරණ ද්‍රව්‍ය ශාඛාවේ විශේෂ ක්‍රියාකාරකම්
           විවිධ පරීක්ෂණ පිපිරවීම්වලට සහභාගී වීම සහ අවශ්‍ය නිර්දේශ කිරීම.
           ආනයනික පුපුරණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණවලට සහභාගී වීම.
           මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කර්මාන්තවල ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම.
           ගිනි නිවන කර්මාන්තය සහ පතල් කර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වැඩමුළු පැවැත්වීම.
           කල් ඉකුත් වූ සහ භාවිතයට නුසුදුසු පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිතව විනාශ කිරීම.

2025 දී පුපුරණ ද්‍රව්‍ය ශාඛාවේ කාර්ය සාධනය පහත පරිදි වේ.

Kind of permit/license No of permits issued in 2025 Ammount Rs.
Explosives permits(for commercial mining) 200 857,000.00
Total no. of monthly issued permits 200 857,000.00

Kind of license Quantity Ammount Rs.
Explosives license 402 4,369,900.00
Total no. of monthly issued license 402 4,369,900.00

සමෘද්ධි අංශය

සමෘද්ධි අංශය

jads jayasinghe

ජේ.ඒ.ඩී.එස් ජයසිංහ මිය
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ වෙසෙන අඩු ආදායම්ලාභී සහ ආවාසි සහගත කණ්ඩායම් වලට ඇතුලත් වන පුද්ගල පවුල් කණ්ඩායම් සහ  ප්‍රජාවගේ දිළිදු බව තුරන් කිරීම සහ සමාජ සාධාරනත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම සදහා අවශ්‍ය වන ප්‍රජාව කේන්ද්‍ර කොටගත් සංවර්ධන වැඩසටහනක් ලෙස සමෘද්ධි වැඩසටහන හැඳින්විය හැක.

ඵසේම ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවුල් වෙනුවෙන් ආහාර සුරක්ෂිත තාවය සහතික කිරීම, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉහළ දැමීම සදහා ක්ෂුද්‍රමූල්‍ය ණය පහසුකම් සැපයීම  ඉතුරුම්  ක්‍රියාවලිය සදහා ප්‍රජාව යොමු කරමින් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජා මට්ටමේ  ජාතික සංවර්ධනය ක්‍රියාවලියනට ජනතාව ඵ්කරාශී කිරීම ප්‍රජාවගේ භෞතික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, හා පුද්ගල හා පවුල  කේන්ද්‍ර කොටගෙන දිරිය පියස නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,  සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,අඩු ආදායම් පවුල් වල දරුවන් සදහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා කැකුළු ළමා සමාජ ක්‍රියාත්මක කිරීම හා ඟරග සංවිධානය කිරීම ,  සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ආකල්ප සංවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී වැඩසටහන් සඳහා සමෘද්ධි සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ජාතික සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව ඵ්කරාශී කිරීමට දිවිනැගුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායක වීම වශයෙන් පුද්ගලයන්ගේ සිට පවුල , ප්‍රජාව හා ගම  සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් සමෘද්ධි වැඩසටහන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. ක්‍රියාත්මක වේ.

ක්‍රියාත්මක වන වැඩසටහන්

  • බැංකු වැඩසටහන
    • ඉතුරුම් ක්‍රියාවලිය - තැන්පතු පවත්වාගෙන යාම, සාමාජික, සාමාජික නොවන, කණ්ඩායම්, දිරියමාතා,ළමා සිසුරක, කැකුළු, අනිවාර්ය
    • ණය වැඩසටහන - ස්වයං රැකියා ණය , නිවාස ණය, පාරාභෝගික ණය, ආපදා, මිහිජය,කිරුළ,දිවිනැගුම,ඉසුර
  • සමාජ සංවර්ධන වැඩසටහන
    • දිරිය පියස නිවාස වැඩසටහන
    • මත් ද්‍රව්‍ය නිවාස වැඩසටහන
    • ළමා සමාජ වැඩසටහන
  • සමාජ ආරක්ෂණ වැඩසටහන
  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
  • දිවිනැගුම ගෙවතු වැඩසටහන
  • සමෘද්ධි සහනාධාර වැඩසටහන

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සමෘද්ධි වැඩසටහන ග්‍රාමනිලධාරී වසම් 557ක්, බැංකු සංගම් 42ක් මගින් ක්‍රියාත්මක ව සමෘද්ධි කළමනාකරුවන් 69ක් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 868ක් මේ සඳහා සේවයේ යොදා ඇත.

Divineguma Livehood Development Programme

ප්‍රධාන මෙනුව

  • අපි ගැන
  • බාගත කිරීම්
  • අමතන්න
  • පිටු පෙලගැස්ම

අප අමතන්න

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
බැන්ඩියමුල්ල,
ගම්පහ.

අප හා සම්බන්ධවන්න

කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 03 September 2026.