78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් නිදහස් දින වැඩසටහන පෙබරවාරි 04 පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති/ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණ.
මෙහිදී පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතා, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ශිෂ්‍ය බට හමුදා උත්තමාචාර මැද රතු පළස මතින් උත්සව අවස්ථාවට සම්ප්‍රාප්ත වූ අතර හමුදාව උත්තමාචාර මධ්‍යයේ සම්ප්‍රදානුකූලව ජාතික ධජය එසවීමෙන් පසු ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ දරු දැරියන් විසින් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරන ලදී.
අනතුරුව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කරනු ලැබීය.
මීට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ සම්භාවනීය අමුත්තන් විසින් රුක් රෝපණය කිරීමක් ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, ආසිරි වීරසේකර , සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන වල ආයතන ප්‍රධානීන්, ශ්‍රී ලංකා යුද හමුදා හා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.








