"පංචග්රාම ප්‍රසාදනී" ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය 2026.11.05 පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතාගේ හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපතිනි , පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව අග්‍රා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ස්වකීය විශිෂ්ට නිර්මාණ කෞශල්යෙයෙන් ශ්‍රී ලාංකේය කලා කෙත සුපෝෂණය කිරීමට දායකත්වය ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකු සඳහා පංචග්රාම ප්‍රසාදනී උපහාර සම්මාන පිදීම ද මෙහිදී සිදුකරනු ලැබීය. ඒ අනුව 2026 වසරේ පංචග්රාම ප්‍රසාදනී සම්මානයෙන් පිදුම් ලැබුවේ වේදිකාව, ටෙලිනාට්‍ය ක්ෂේත්රය මෙන් ම සිනමාවේත් දක්ෂතා දැක් වූ අග්‍රගන්‍ය කලාකරුකු වන ප්‍රවීණ නාට්‍යවේදී, අභිප්‍රේරණ දේශක විල්සන් ගුණරත්න මහතා සහ ප්‍රවීණ සංගීතවේදී සහ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිහ මහතාය.
ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා ද මෙහිදී විශේෂ දේශණයක් සිදු කළේය.
මෙම කලා මහෝත්සවයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ආවරණය වන පරිදි පාසල් දරුවන් සදහා පවත්වන ලද අත් අකුරු, ගද්‍ය, පද්‍ය, ගී රසවින්දන, ගීත රචනා, ජනශ්රැති අධ්‍යයන, කෙටි කතා, ළමා කතන්දර, විශ්වකෝෂ/ශබ්ද කෝෂ ශාස්ත්‍රීය ලිපි ආදි විවිධ තරග අංශවලින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට සහතිකපත් සහ තිලිණ ප්රදානය කළ අතර දිස්ත්‍රික්කයේ කලා ආයතනයන්හි දූ දරුවන්ගේ නර්තන ප්‍රතිභාවෙන් උත්සවය ඉතා විචිත්‍රවත් විය.
මෙහිදී පංච ග්‍රාම ප්‍රසාදනී සාහිත්‍ය කලා මහෝත්සවය අමතමින් දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතා, තරගකාරිත්වය හේතුවෙන් වර්තමාන සමාජය මුහුණ පා ඇති මානසික පීඩනය කළමනාකරණයකර ගැනීමට දරුවන් කුඩාකල සිට පුරුදු පුහුණු කළ යුතු බවත් ඒ සදහා හොදම මාධ්‍ය වන්නේ කලාව බවත් පෙන්වා දුන්නේය . කලාව තුළින් සහකම්පනය සහ නිර්මාණශීලිත්වය සහිත මිනිසුන් බිහිකරන බවත් විද්‍යාව, පරිසරය, කලාව යන සෑම අංශයකම එකතුවකින් ගම්පහ දිස්ත්‍රික්කය ඒකාබද්ධ සංවර්ධනයක් කරා පිය නගන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්රම , අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි , ආසිරි වීරසේකර, සහකාර දිස්ත්‍රික් ලේකම් කපුරු බණ්ඩාර, ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි සන්ධ්‍යා සේපාලි යන මහත්ම මහත්මීන් , ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාකරුවන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ පාසල් දරුවන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය එක්ව මෙම සාහිත්‍ය උත්සවය සංවිධානය කොට තිබුණි.







