ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරී 01වනදා උදෑසන 8.15 සිට සිදු කෙරිණි.
සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී තෝරපිටියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ හා බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නා හිමියන් ප්‍රධාන සංඝරත්නයේ සහ කාවින්ද ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කරන ලද ආගමික වතාවත්වලින් පසුව මහා සංඝරත්නය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයටත් රට වැසියන්ටත් සෙත්පතා පිරිත් සජ්ඣායනා කළහ.
දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලුදෙනා විසින් රජයේ ප්‍රතිඥාව ලබාදෙමින් රාජ්‍ය සේවයට කැපවන බවට ප්‍රකාශ කරන ලදී. නව වසරට සුභාෂිංශන එක් කළ දිස්ත්‍රික් ලේකම්වරයා, ගෙවී ගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් රජයේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබුණු අතර ඉන් සියයට අනූඅටක ප්‍රගතියක් අත් කර ගත් බවත් මේ වසරේදීත් ඒ අයුරින්ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරමු යැයි ද සඳහන් කළේය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ජේ.ඩබ්.එස්. කිත්සිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ ස්ථාපිත කර ඇති රජයේ වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනුබද්ධ ආයතනයන්හි ප්‍රධානීන් හා කාර්යමණ්ඩලය ද එක්ව සිටියහ.







